Advertise with Giraya
Gossip

ජනපති උපන්දින සැමරුමට වියදම් කළේ පෞද්ගලික මුදල් පමණයි

ඉකුත් 20 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන උපන්දින සැමරුම නිමිත්තෙන් පැවති අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස පැවති කිරි ආහාර පූජාවක් ද, අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙනුවෙන් කප්රුක් පූජාවක්ද පැවැත්වුණා. එමෙන්ම, මහා සංඝ රත්නය උදෙසා මිරිසවැටිය රජමහා විහාරස්ථානයේදී දානමය පුණ්‍යකර්මයක් ද ඊට පසුව සංවිධානය කර තිබුණා.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් පැවති සියළු වැඩසටහන් සංවිධාන කිරීම සදහා ආණ්ඩුවේ කිසිදු මුදලක් ලබාගෙන නොමැති බව වාර්තා වේ. ඒ සදහා ජනාධිපතිවරයා සිය පෞද්ගලික මුදල් ලබාදී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

තවද, ලෝකයේ සියලූම රටවල් කොවිඞ්-19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමුහික ක‍්‍රියාවලියක උත්සාහය මත ශී‍්‍ර ලංකාව සාධණීය ජයග‍්‍රහණයක් ලබා ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.

Giraya News Alerts

එහෙත්, කොවිඞ්-19 වෛරසය තවමත් ලෝකයෙන් තුරන් වී නොමැති බැවින් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිරයාමේ අවධානමක් පවතින බව ජනාධිපතිවරයා පවසනවා. එබැවින් සෞඛ්‍ය අංශ සහ රජයේ උපදෙස් මත තවදුරටත් ආරක්ෂාකාරි පියවර අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයා ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top