Advertise with Giraya
NEWS

මහ බැංකු නිලධාරීන් 50 දෙනෙකු වෙනත් ප්‍රතිලාභ ගන්නවා නම් අවශ්‍ය නීතිමය පියවර ගන්නැයි මහ බැංකුව කියයි

මෙම වසරේ ජුනි 20 හා 21 යන දිනයන්හිදී මුද්‍රිත මාධ්‍යවල හා සමාජ මාධ්‍යවල පළ වූ ශ්‍රී මහ බැංකුවේ ජ්‍යේෂඨ නිලධාරීන් 50 දෙනෙකු මූල්‍ය, කල්බදු හා ක්‍ෂුද්‍රමූල්‍ය සමාගම්වලින් මුදල් සහ වෙනත් ප‍්‍රතිලාභ ලබා ගන්නා බව සඳහන් ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, එම පුවත්වල පළ වූ ආකාරයට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 50 දෙනකු මුදල් හෝ වෙනත් ප‍්‍රතිලාභ ලබන්නේ නම් ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එම චෝදනා පිළිබඳව විමර්ශනය කොට මහ බැංකු නිලධාරීන් විසින් කරන ලද එවන් විෂමාචාර ක‍්‍රියාවන් වෙතොත් එම නිලධාරීන්ට එරෙහි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ද කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top