Advertise with Giraya
Giraya NewsGiraya News
SPORTS

පාකිස්ථානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වැළඳේ

ලබන අගෝස්තු මුල දී පැවැත්වීමට නියමිතව ඇති පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය සඳහා සහභාගී වන තවත් ක්‍රීඩකයන් හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ Kashif Bhatti, Mohammad Hasnain, Fakhar Zaman, Mohammad Rizwan, Mohammad Hafeez, Wahab Riaz සහ Imran Khan යන ක්‍රීඩකයින්ටයි.

ඊයේ (22) දිනයේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. ඒ අනුව, එම තරඟ සැසිය සඳහා සහභාගී වීමට නියමිතව සිටි ක්‍රීඩකයින් 10 දෙනෙකුට දැනට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත. මෙම ක්‍රීඩකයින්ට අමතරව කණ්ඩායමේ සහයක නිලධාරියෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

Giraya News Alerts

නමුත්, සැලසුම් කළ පරිදි කෝවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වූ පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ජුනි මස 28 වන දින එංගලන්තය බලා පිටත්වීමට නියමිත බව පාකිස්ථානු ක්‍රිකට් මණ්ඩලය පවසයි.

ටෙස්ට් තරඟාවලි තුනකින් සහ විස්සයි විස්ස තරඟ තුනකින් සමන්විත පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ එගලන්ත තරඟ සංචාරය අගෝස්තු මුල දී ආරම්භ වීමට නියමිතය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top