ලොව අංක එකේ සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඔහුගේ බිරිඳ වන යෙලේනා හට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි. නමුත්, ඔවුන්ගේ දරුවන් හට වෛරසය ආසාදනය වී නොමැති බව වාර්තා වේ.
මීට පෙර කොරොා්නා ආසාදිත බව තහවුරු වූ ග්‍රිගර් දිමිත්‍රෝව් නමැති බල්ගේරියානු ක්‍රීඩකයා සමඟ පසුගිය සතියේදී ඔහු ප්‍රදර්ශණ තරඟයකට එක්ව තිබුණා. එම අවස්ථාවේදී දුරස්ථභාවය පිළිබඳ නීතිරීති පිළිබඳව නොසලකමින් නොවැක් කටයුතු කිරිම පිළිබඳව බොහෝ දෙනාගේ විවේචන ද එල්ල විය.
කෙසේ වෙතත්, නොවැක් පවසන්නේ පසුගිය මාසයක කාලයක් තුළ දී ඔවුන් කටයුතු කළේ අවංකභාවයෙන් යුතුව බවත් එම තරඟාවලියේ එකමුතුව හා සාමුහිකත්වය පිළිබඳව පණිවිඩය ලබා දීම සඳහා තමන් ඉත සිතින් කටයුතු කළ බවත්ය.
