Update at 10.40 PM
අද (23) දිනයේ දී රාත්‍රී 10.10 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගින් 11 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඔවුන් සියළුදෙනාම ඇමරිකා එක්සත් ජනපදයේ සිට අද (23) අළුයම මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.
ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන1991 දක්වා ඉහළ ගොස් ඇත. සක්‍රීය ආසාදිතයින් ගණන 432ක් වේ.
______________________________________________________________________________
කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳුන රෝගින් 29 දෙනෙකු අද (23) දින රාත්‍රී 9.05 වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. එම රෝගීන් සියළුදෙනාම මුම්බායිහි සිට පැමිණි වෙළඳ නාවිකයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1980 දක්වා ඉහළ ගොස් තිබේ. අද (23) පෙරවරුවේ දී තවත් කොරෝනා ආසාදිත වූ රෝගින් 22 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන ලදී. ඒ අනුව, මේ වන වි සුවය ලැබූ රෝගීන් ගණන 1548ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රීය කොරෝනා ආසාදිතයින් ගණන 421ක් වේ. ජීවිතක්ෂයට පත් වූ රෝගින් ගණන 11කි.
