අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අගරදගුරුතුමන් වෙනුවට ‘අදරදගුරු’ ලෙස පැවසීමෙන් වූ වරදට සමාව ගන්නා බව බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
බදුල්ල තැපැල් සංකිර්ණයේ දී අද (23) පැවැති සමගි ජන බලවේගයේ බදුල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් මේ බව ප්‍රකාශ කළේය.
ඇත්ත ඇතිසැටියෙන් දැකීමට හරි දේ හරි ලෙස දැකීමටත් වැරදි දේ වැරදි ලෙස දැකීමටත් දෙමාපියන් තමන්ට උගන්වා ඇති බවත් කොතෙක් මඩ ගැහුවත් තමන්ගේ කට වසා ගැනීමට සුදානම් නැති බවත් කිසිවෙකුටත් බිය නොවන අතර සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කරන බවද සදහන් කළේය.
පසුගියදා මැදිරිගිරයේ දි පැවති ජන හමුවකදී හරීන් ප්‍රනාන්දු විසින් කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පිළිබඳව අපහාසාත්මක අයුරින් ප්‍රකාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් පවතියි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (22) දිනයේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් අගරදගුරුතුමන්ගෙන් හරින් ප්‍රනාන්දු වෙනුවට සමාව ඉල්ලා සිටියා.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (22) දිනයේදී මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ට අපහාස කිරිම තරයේ හෙළා දකින බවයි. එමෙන්ම, ආගමික නායකයන් හට අපහාස කිරිම එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් පුරුද්දක් ලෙස වශයෙන් සිදු කරන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ හරීන් ප්‍රනාන්දු සමස්ත ජාතියෙන්ම සමාව ගත යුතු බවයි.
සම්බන්ධිත පුවත්
- සජිත්ගේ සමාව ගැනීමෙන් පසු හරීන් කියූ කපටියාගේ හා අවංකයාගේ කතාව
- හරීන් කළ අපහාසයට සජිත් අගරදගුරුතුමන්ගෙන් සමාව ගනියි
