අගෝස්තු 05 වන දින මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු කාන්තාවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් ලබා දීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
එමෙන්ම, තමන්ගේ රජය පිහිටුවීමෙන් පසු කාන්තා හිංසනයට විරුද්ධව දැඩි නීති රීති ගෙනෙන බවත් කාන්තාවන්ට අතවර, හිරිහැර කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් සජිත් ප්‍රේමදාස අවධාරණ කරනවා.
ඔහු මෙම අදහස් පළ කළේ, මොරටුවේ පැවති ජනහමුවකට එක් වෙමින්ය.
තවද, දේශපාලන කටයුතු සිදු කිරීමේ දී වෙහෙස මහන්සිය දැනෙන නමුත් ජනතාව වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කිරීමට තමන් සූදානම් බව ද ඔහු එහිදි වැඩිදුරටත් සඳහන් කළා.
