පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේදී සාක්ෂි ලබාදුන් හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයෙකු අනාවරණය කර ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු බව කියන සහරාන් හෂීම්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යාම සදහා එක් අවස්ථාවකදී හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයා උපකාර කර ඇති බවයි.
එහිදී කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු බුද්ධි අංශ අධ්යක්ෂවරයා පවසා ඇත්තේ, 2018 වර්ෂයේ දී සහරාන් හෂීම් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බවයි. සඳහා උපකාර කර ඇත්තේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවවේ පසුවන හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුදීන් බව ද හිටපු බුද්ධි අධ්යක්ෂවරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබේ.
එමෙන්ම රිෆ්කාන් බදියුදීන් මිනිස් ජාවාරම ඇතුළු ජාවාරම් රැසක් සිදුකර ඇති බවටයි කොමිසම හමුවේ අනාවරණ වී තිබෙනවා.
