ඡන්දය පැවැත්වෙන වේලාව දීර්ඝ කරන්නේ නම් එය උදෑසන සහ පස්වරුවේ විනාඩි 30 බැගින් වැඩි කළ යුතු බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසමට යෝජනා කරයි. මැතිවරණ කොමිසම ටවත ලිපියක් මඟින් කැෆේ සංවිධානය මෙය දන්වා තිබේ.
සාමාන්‍යයෙන් ඡන්දය ප්‍රකාශ කිරිමේ වේලාව වන පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පවතින අතර වත්මන් සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් මෙවර ඡන්දය ප්‍රකශ කිරීම සදහා වෙන් කර ඇති වේලාවන් පෙරවරු 6.30 සිට පස්වරු 4.30 දක්වා කාලය යොදා ගැනීම ප්‍රායෝගික බවයි කැෆේ සංවිධානය එම ලිපියෙන් පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයේ දී ද ඡන්දය ලබා දීම සඳහා ලබා දී තිබූ කාලය පැයකින් දීර්ඝ කර පස්වරු 5 දක්වා ඡන්ද විමසීම පැවැත් වූ නමුත් එම දීර්ඝ කරන ලද කාල සීමාවේ දී ඡන්දය ප්‍රකාශ කිරීම අවම මට්ටමක පැවති බව එම සංවිධානය පෙන්වා දෙයි. එමෙන්ම, පොලොන්නරුව, හම්බන්තොට, මාතලේ දිස්ත්‍රික්ක වැනි දුර බැහැර ප්‍රදේශ වල සිට රැගෙන එනු ලබන ඡන්ද පෙට්ටි සඳහා වන අලි ගැටළුව බලපා හැකි බැවින්, ඒ කෙරෙහි අවධානය යොමු කළයුතු බව ද කැෆේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මැතිවරණ සියල්ලම පාහේ නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වී ඇත්තේ පෙරවරු 7ට පෙර ජනතාව ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා පෝලිම් ගැසී සිටින ආකාරය බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
මෙම තත්ත්වයන් සලකා බැලීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පැයකින් දීර්ඝ කරන්නේ නම් එය සවස් කාලයේ දීර්ඝ කිරීමට වඩා උදෑසන කාලයෙන් විනාඩි 30ක් සහ සවස් කාලයෙන් විනාඩි 30ක් බැගින් දීර්ඝ කිරීම උචිත බව කැෆේ සංවිධානය යෝජනා කරයි.
ඒ අනුව, පෙරවරු 6.30 සිට පස්වරු 4.30 දක්වා ඡන්දය පැවැත්වෙන්නේ නම් බොහෝ ගැටළු අවම කරගත හැකි බව කැෆේ සංවිධානය එම ලිපිය මඟින් මැතිවරණ කොමිසම වෙත යෝජනා කරනු ලබයි.
