හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත අපහාස කරමින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (22) දිනයේ දී සමාව ගනු ලැබුවා.
හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රිවරයා විසින් සිදුකළ එම ප්‍රකාශයෙන් කාදිනල් හිමිපාණන්ට සිත් තැවුලක් ඇති වූ බවත් එය ගැන තමන් කණගාටුවට පත්වනවා මෙන්ම නැවත නැවතත් සමාව අයදින බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයෙන් පසු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවට එක්කල සටහනක්ද මේ වන විට කතා බහට ලක්වෙමින් තිබෙනවා
එහි දැක්වෙන්නේ කපටියා ඇඟ බේරගෙන කතා කරමින් හොඳ නම රැක ගන්නා බවත් අවංකයා බොක්කෙන්ම කතා කර සියළු දේ නැති කර ගන්නා බවත්ය.
