කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 786 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ , අද (23) දිනයේ දී තවත් කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව යාමත් සමඟ ය.
ගත වු දින 4ක කාලයක් තුළ නාවික හමුදාවෙන් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැත. මෙතෙක් වාර්තා වූ නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 901ක් වේ. ඒ අනුව, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 115ක් වේ.
