වසංගත තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඇමෙරිකා එක්සත් ජනපදයේ , රැඳී සිටි ශ්රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
මෙම පිරිස ඩුබාටි සිට පැමිණ තිබුනේ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන විශේෂ ගුවන් යානයෙන් ය. කටුනායක ගුවන් තොටුපොළට අද (23) අලුයම 4.47ට පැමිණ තිබුණ මෙම පිරිස ගුවන් තොටුපොළ දී ම පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු කෙරුණි.
ඔවුන් ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණ , එතැන් සිට මෙසේ ශ්රී ලංකාව වෙත පැමිණ තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්රී ලංකාවට පැමිණීමට ඍජු ගුවන් ගමන් පහසුකම් නොමැති හේතුව නිසා බැව් වාර්තා වේ.
