දින දෙකකට පසුව අද (22) රාත්‍රී 10.05 වන විට කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. එම ආසාදිතයා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වේ.
ඒ අනුව,මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 1951 දක්වා ඉහළ ගොස් තිබේ. අද (22) පෙරවරුවේ තවත් රෝගීන් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් ප්‍රමාණය 1526 දක්වා ඉහළ ගියේ ය.
දැනට වාර්තා වන සක්‍රිය ආසාදිතයින් ගණන 414 ක් වේ. කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටට දී ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 11කි.
