Advertise with Giraya
Giraya NewsGiraya News
ENTERTAINMENT

ලොවම කතා වෙන සුෂාන්ත් සිං ගේ සිහින 50

අවාසනාවන්ත ලෙස අකාලයේ තම දිවියට සමුදුන් බොලිවුඩයේ ජනප්‍රිය තාරකාවක් වූ සුෂාන්ත් සිං රාජ්පුත් ගැන ඔහු ජිවත්ව සිටිය කාලයට වැඩිය ජනතාව අතර දැඩි කතාබහට ලක් විය. එලෙසම, බොලිවුඩ් කර්මාන්තයට දැඩි ලෙස විවේචන එල්ල වීමටත් ඔහුගේ මරණය හේතු සැපයීය. විවිධ තරු හා රසික ජනතාව අතර සමාජ ජාලාවන්වල ඝට්ටනයන් ද දකින්නට ලැබිණි.

කෙසේ වෙතත්, සුෂාන්ත්ගේ මරණින් පසුව ඔහු විසින් සිය ට්විටර් ගිණුමෙහි පළ කර තිබූ පැරණි සටහන් පිළිබඳව ලොව පුරා වැඩි දෙනාගේ අවධානය යොමු වන්නට විය. මෙම සටහන් අතර තිබු ඔහු තම ජීවිත කාලය තුළ සපුරා ගත යුතු සිහින 50ක් ගැන සටහනක් ද විය.

එම සිහින 50 මෙසේය.

Giraya News Alerts
  1. ගුවන් යානයක් පියාසරකරවීම ඉගෙනගැනීම
  2. අයන්මෑන් තරඟයට පුහුණු වීම
  3. වමතින් ක්‍රිකට් ක්‍රිඩා කිරීම
  4. මෝර්ස් සංඥා ක්‍රමය ඉගෙන ගැනීම
  5. ළමයින්ට අභ්‍යවකාශය ගැන ඉගැන්වීම
  6. චැම්පියන් කෙනෙකු සමඟ ටෙනිස් ක්‍රිඩා කිරීම
  7. ෆෝ ක්ලැප් පුෂ් අප්ස් පුහුණු වීම
  8. චන්ද්‍රයා, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන්ගේ ගමන් මාර්ගය සතියක් තිස්සේ නිරීක්ෂණය කිරීම
  9. ගැඹුරු අගාධයක කිමිදීම
  10. විද්‍යාත්මක පරීක්ෂණයකට සහභාගි වීම
  11. පැල 1000 ක් සිටුවීම
  12. දිල්ලියේ ඉංජිනේරු විද්‍යාලයේ නේවාසිකාගාරයේ සැන්දෑවක් ගත කිරීම (ඔහු එහි ඉගෙනගෙන තිබේ)
  13. ළමයින් සිය දෙනෙකු නාසා ආයතනයේ වැඩමුළුවලට යැවීම.
  14. කෛලාසකූටයේ භාවනා කිරීම
  15. චැම්පියන් කෙනෙකු සමඟ පෝකර් සෙල්ලම් කිරීම
  16. ජීවයේ කුඩාම අංශු පිළිබඳවත් මහා පරිමාණයෙන් අධ්‍යයනය කළ හැකි ලෝකයේ විශාලතම ආයතනයට යාම (ක්‍ෑඍභ)
  17. සුළඟක රැස් වළල්ලක් පාට කිරීම
  18. තවත් නාසා වැඩ මුළුවකට සහභාගි වීම
  19. පොතක් ලිවීම
  20. මාස හයකින් සික්ස් පැක් වර්ධනය කර ගැනීම
  21. ගැඹුරු ස්වභාවික වළවල්වල පිහිනීම
  22. දෘශ්‍යාබාධිතයන්ට සංඥා භාෂාව ඉගැන්වීම
  23. කැලෑවක සතියක් ගත කිරීම
  24. වේද ජ්‍යොතිෂය ඉගෙන ගැනීම
  25. ඩිස්නිලන්තයට යාම
  26. ගුරුත්වාකර්ෂණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට යාම
  27. අශ්වයෙකු ඇතිදැඩි කිරීම
  28. අඩුම වශයෙන් නැටුම් විලාශ දහයක්වත් ඉගෙන ගැනීම
  29. නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් හඬ නැඟීම
  30. ප්‍රබල අණ්වීක්ෂයකින් මන්දාකිණිය නැරඹීම
  31. ක්‍රියා යෝග ඉගෙන ගැනීම
  32. ඇන්ටාර්ටිකාවට යාම
  33. කාන්තාවන්ට ආත්මාරක්ෂක සටන් ක්‍රම ඉගැන්වීම
  34. ක්‍රියාත්මක ගිනි කන්දක් රූගත කිරීම
  35. කුඩා දරුවන්ට නැටුම් ඉගැන්වීම
  36. දෑතම හුරු දුනුවායෙකු වීම
  37. චාලි රෙස්නික් ගේ පොත් මාලාවම එක දිගට කියැවීම
  38. පොලිනීසියානු තාරකා විද්‍යාව ඉගෙන ගැනීම
  39. ලැම්බෝගිනියක් හිමි කර ගැනීම
  40. වියානාවේ ශාන්ත ස්ටෙෆන් දේවස්ථානයට යාම
  41. කම්පන තරංග ගැන කෙරෙන පරීක්ෂණයකට සහභාගි වීම
  42. ඉන්දියානු ආරක්ෂක හමුදාවට ඇතුළු වෙන්නට සූදානම් වෙන සිසුන්ට උදව් කිරීම
  43. කැමති ගීත පනහක ගිටාර් කෝඞ් හැදෑරීම
  44. චැම්පියන් කෙනෙකු සමඟ චෙස් ක්‍රීඩා කිරීම
  45. ස්වාමි විවේකානන්ද පිළිබඳව වාර්තා චිත්‍රපටියක් සකස් කිරීම
  46. මුහුදේ රළ මතු පිට වේගයෙන් ඇදී යන සර්ෆ් ක්‍රීඩාව පුහුණු වීම
  47. ගණිත දර්ශක තාක්ෂණය හැදෑරීම
  48. කැපොයිරා සටන් ක්‍රමය ඉගෙන ගැනීම
  49. යුරෝපය පුරා දුම්රියකින් සංචාරය කිරීම
  50. ක්‍රමානුකූලව ගොවිපොළක් පවත්වාගෙන යන්නට ඉගෙන ගැනීම

කෙසේ වෙතත් එම සිහින 50 සැබෑ කිරීම වෙනුවට ඔහු අවසනාවන්ත ලෙස සියදිවි හානිකරගන්නේ කලක් පීඩා විඳි මානසික ආතතිය හේතුවෙන්ය.

ඔහුගේ මරණය හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ බලයට නතු වී තිබෙන බොලිවුඩ් කර්මාන්තය විශේෂ වෙනසක් සිදු විය යුතු බවට විචාරකයින් පෙන්වා දෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top