Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනාවට වඩා භයානක කරුණාට එරෙහිව සෝභිත හිමියන්ගෙන් පැමිණිල්ලක්

තමා කොරෝනාවට වඩා භයානක බව සඳහන් කරමින් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත අද (22) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සෝභිත හිමියෝ පැවසුවේ කරුණා අම්මාන් හමුදාව ඝාතනය කළ බව කියන සමයේ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වත්මන් ජනාධිපතිවරයා බවත් කරුණා අම්මාන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපයද රටට ප‍්‍රකාශ කළ යුතු බවයි.

එසේම, කරුණා අම්මාන් කළ ප‍්‍රකාශය ඉතා බරපතළ රටේ නීතිය උල්ලංඝණය කරමින් සිදුකළ ප‍්‍රකාශයක් බවත්, මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාද මැදිහත්ව කටයුතු කළයුතු බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියහ.

Giraya News Alerts

මීට අමතරව, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) දින නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමාට කැඳවීමක් ලැබුණහොත් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමට සූදානම් බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කර තිබුණ ද ප්‍රකාශයක් ලබා දීම සඳහා කරුණා අම්මාන්ට කැඳවීමක් කර ඇති නමුත්, මේ වන තෙක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසනවා.

අම්පාර ප්‍රදේශයේ පසුගිය බදාදා (17) පැවති දේශපාලන රැස්වීමකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන්, කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී හමුදා සාමාජිකයන් දෙදහසත්, තුන්දහසත් අතර පිරිසක් ඝාතනය කළ බවයි.

මෙවර මහ මැතිවරණයේ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද්‍රවිඩ මහා සභා පක්ෂයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇත.

සම්බන්ධිත පුවත්

කරුණා අම්මාන් අපේ පක්ෂයේ අපේක්ෂකයෙන් නෙමෙයි – පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top