Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හරීන්ගේ ප්‍රකාශයට කතෝලික පූජක සංසදයේ දැඩි අප්‍රසාදය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු වසමේ සහයක රදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික පුජක සංසදය බලවත් අප්‍රසාදය පල කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කතෝලික සංසදය සඳහන් කර තිබෙන්නේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට එරෙහිව හරින් ප්‍රනාන්දු විසින් සිදු කරන ලද ප්‍රකාශය මුළුමනින්ම පදනම් විරහිත, සාවද්‍ය මෙන්ම පටු දේශපාලන වාසි උදෙසා සිදු කරන ලද්දක් බවයි.

එමෙන්ම, මෙම අවිචාරාත් ප්‍රකාශය සම්බන්ධයෙන් ඔවුන් කැළඹීමට පත්ව සිටින බවත්, කාදිනල් හිමිපාණන්ට එරෙහිව මෙබඳු පදනම් විරහිත විවේචනයන් තරයේ හෙළා දකින බවත් එම නිවේදනයේ දැක්වේ.

Giraya News Alerts

තවද, කතෝලික සභාවේ නායකත්වයට පහර එල්ල කිරීමට හරීන් ප්‍රනාන්දු ගත් උත්සාහය නිවැරදි කිරීමට අදාළ අංශ වහාම පියවර ගත යුතු බවත්, ඉන් කතෝලික සසුන් නායකත්වයට සහ කතෝලික ප්‍රජාවට සිදු වූ අපහාසයට සමාව ගත යුතු බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

සම්බන්ධිත පුවත්

හරීන් කළ අපහාසයට සජිත් අගරදගුරුතුමන්ගෙන් සමාව ගනියි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top