Advertise with Giraya
POLITICS

හරීන් කළ අපහාසයට සජිත් අගරදගුරුතුමන්ගෙන් සමාව ගනියි

updated at 5.23 PM

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබද හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

එම වීඩියෝව පහතින්.

එමෙන්ම, මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ හරීන් ප්‍රනාන්දු මහතා සමස්ත ජාතියෙන්ම සමාව ගතයුතු බවයි

පසුගිය ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මක වූ 5% ක ඡන්ද ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ගැනීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සෘජුව කටයුතු කළ බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා පැවසුවා.

අගරදගුරුතුමන් දේශපාලනය කිරීම ගැන තමන්ට හිරිකිත හිතෙන බවද ඔහු පැවසීය. පාස්කු සිදුවීම මූලික කරගෙන අගරදගුරුතුමන් ඇතුළු පිරිසක් විසින් කතෝලික ඡන්ද 5%ක පමාණය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට මුල් වූ බව ද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ පසුගියදා පැවති සමගි ජනබලවේගයේ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.

එහිදී අදහස් දක්වමින් ඔහු, ” ගෝඨගේ ගොඩෙන් 5% සජිත්ට වැටුනනම් 47%යි 47%යි. එතකොට දෙවනි මනාපේ. දෙවනි මනාපෙදි ජේවිපි එක ලක්ශ තුනයි ගානක් ගහලා තිබ්බේ සජිත්ට.එහෙනම් සජිත් දිනුම්

කතෝලික ඡන්දවලින් 80%ක් සාමාන්‍යයෙන් දාන්නේ එක්සත් ජාතික පක්ෂයට. එතනට දුන්නා ෂොට් එක. ඒකට අපේ අගරදගුරු හිමිපාණන් ගාවට ගියා. එයා දුන්නා මරු දේශපාලනය. මං මේවා කවදාවත් කිව්වේ නැහැ. මට කතෝලික සම්භවයක් තියෙනවා. මගේ අම්මා බෞද්ධ, තාත්තා කතෝලික. හැබැයි ඔහ අගරදරගුරු දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයි.

මං දවසක් එයාට කෝල් කරා. මං මේ පළවෙනි පාර මාධ්‍යයේ කියනවා. මේ ප්‍රශ්නෙ උනාම කිව්වානේ. ඇමති පුතා බේරුනා.අපේ මිනිස්සු මැරුණා කියලා. මොන අත්භූත කතාවක් ද ඒ. ඒ කරේ තනිකර දේශපාලනය. ඒක තමයි ඒ 5% ගේමේ ඇතුළෙ හිටපු මිනිස්සු මේ ” යැයි පැවසුවේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top