Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මැතිවරණ කොමිසමේ තීරණයක් වැරදි බව කියූ පෝස්ටුවකට සටහනක් එක් කළ පළාත් පාලන කොමසාරිස්ට එරෙහිව විනය පරීක්ෂණයක්

මැතිවරණ කොමිසන් සභාවේ තීරණයක් වැරදි බව දක්වමින් කඩුවෙල හිටපු නාගරික කොමසාරිස් ගාමිණි ගුණසේකර විසින් සිය සිය ෆේස් බුක් ගිණුමෙහි පළ කරන ලද සටහනකට ප්‍රතිචාර දැක්වූ දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත බලපෑම් කිරීම පිළිබඳ ගාමිණි ගුණසේකර සිය ෆෙස් බුක් ගිණුමේ සටහනක් මඟින් සඳහන් කර ඇති අතර එම ලිපියට තම පෞද්ගලික අදහස් ද එක් කරමින් සේනක පල්ලියගුරුගේ විසින් එයට ප්‍රතිචාර දක්වමින් නැවත එය තම ෆේස්බුක් ගිණුමෙහි පළ කරන ඇත.

ගාමිණි ගුණසේකර විසින් පළකරන ලද එම ලිපියට සේනක පල්ලියගුරු විසින් තම පෞද්ගලික අදහස් එක් කරමින් පළ කර තිබූ ෆේස් බුක් සටහන පහතින් දැක්වේ.

Giraya News Alerts

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව, ඕනෑම රාජ්‍ය සේවකයෙකු වෙත ලබා දෙන නීත්‍යානුකූල නොවන නියෝග/උපදෙස් ක්‍රියාත්මක නොකර සිටීමට කණිෂ්ඨ නිලධාරීන්ට අයිතියක් ඇති බවය.

මන්ද, බාහිර බලපෑමක් නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට හැකියාවක් නොමැති බවද ඒ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් විසින් සිය ෆේස් බුක් ගිණුමෙහි මේ සම්බන්ධයෙන් පළ කර තිබූ සටහනක් පහතින් දැක්වේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබේ.

එහි දැක්වෙන පරිදි මෙම කර්තවය මැතිවරණයක් පැවැත්වීමේ ක්‍රියාවලියට කරනු ලබන බාධාවක් හා අවහිරයක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව සැලකිල්ලට ගෙන ඇතැයි ද දක්වා තිබේ.

එමෙන්ම මෙවැනි ක්‍රියා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් මෙන්ම රාජ්‍ය පාලනයට අහිතකර තත්ත්වයක් බවද පෙන්වා දී ඇති සමන් ශ්‍රී රත්නායක මහතා, මේ සම්බන්ධයෙන් දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයාගෙන් කරුණු විමසීමක් සිදු කිරීම සුදුසු බවත් ඒ පිළිබඳව කොමිෂන් සභාව දැනුවත් කරන ලෙස ද සඳහන් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top