LTTE සංවිධානයේ නෝර්වේ ප්‍රධාන සංවිධායක සහ මාධ්‍යවේදියෙක් ද වන නඩරාජා සේතුපරන් නමැත්තා කටුනායක ගුවන්තොටුපලේදී අද (22) අලූයම ත්‍රස්ත විමර්ශන ඒකකය සිය භාරයට ගෙන තිබෙනවා. යාපනයේ පදිංචි ආරියගුණරාජා සෙල්වා නමැත්තකු විසින් කන්කසන්තුරේ පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පියවර ගත් බව වාර්තා වේ.
මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි සේතුපරන් නමැත්තා අවස්ථා කිහිපයක දී මෙරට ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කිරීම්වලටද ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.
කොරෝනා වසංගතය හේතුවෙන් නෝර්වේ බලා යාම ප්‍රමාද කර ඇති ඔහු, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට මෙලෙස පැමිණ තිබුණේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් යළි නෝර්වේ බලා යාමටයි.
කෙසේවෙතත් ඔහුට රටින් පිටව යාමට නොහැකි බවත්, තවදුරටත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසියට අවශ්‍ය බවත් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව, අද (22) අලුයම 2.00ට පමණ ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකයට යොමු කර තිබේ.
