Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

2020 මාර්තු 16 සහ ජුනි 30 වන දා දක්වා කාලය තුළදී වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන් වීමට නියමිත දිනයේ සිට මාස 6 කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

2020 ජූලි මස පළමුවන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා කාලය අතරතුර වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන් වන දිනයේ සිට මාස 3 ක කාලයකින් ද දීර්ඝ කර තිබේ.

මෙම නියමයන් ඇතුළත් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා ප්‍රකාශ කළේය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top