සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් සමගි ජනබලවේගයේ නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරැපීම අභියෝගයට ලක්කරමින් මෙම නඩුව ගොනු කර තිබු අතර මීට අදාළ තීන්දුව අද (22) දින දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ අනුව, සමගි ජනබලවේගය පක්ෂ නියෝජිතයන් 99 ක් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරැපීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද (22) නියෝග කර තිබේ.
වාරණ නියෝගය අයැද සිටීමේදී පැමිණිලි පාර්ශ්වය සත්‍ය කරුණු අධිකරණයට අනාවරණය කිරීම අවශ්‍ය බව අවධාරණය කළ දිසා විනිසුරුවරිය එබැවින් වාරණ නියෝගයක් නිකුත් කළ නොහැකි බව පවසා සිටියා .
කෙසේවෙතත්, මෙම නඩුවේ වග උත්තරකරුවන් වන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්වයන් වෙත නොතීසි නිකුත් කොට නඩුව ජූලි මස 27 දා යළි කැදවීමට දිසා විනිසුරුවරිය නියෝග කළා.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් අකිල විරාජ් කාරියවසම් සහ එජාප උප නායක රවි කරුණානායක ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් ලෙසට නම් කර ඇත.
