Advertise with Giraya
NEWS

දූෂිත බන්ධනාගාර නිලධාරින් ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්

කිසියම් බන්ධනාගාරයක නිලධාරියෙකු අක‍්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබද තමන්ට දැනුම් දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියළු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව, 011 46 77 100 යන දුරකතනය අංකයට අමතා හෝ ලිඛිතව හෝ නිර්ණාමිකව තමන් වෙත එම අකටයුතුකම් පිළිබද දන්වන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයට ද එම අක‍්‍රමිකතා ගැන දැනුම් දීමට හැකි බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි. දැනටමත් බන්ධනාගාර කිහිපයක උසස් නිලධාරීන් සිදුකළ අක‍්‍රමිකතා ගැන පැමිණිලි ලැබී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ බවත් ඔහු සඳහන් කරයි.

Giraya News Alerts

මේ අතර කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැදවියෙකු පරීක්‍ෂා කිරීමට යාමේදී ඊට එරෙහි වූ රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකුට පහරදී තිබෙනවා. අසල තිබූ මුගුරකින් බන්ධනාගාර නිලධාරියාට පහරදී ඇති බවත් පසුව තවත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් පැමිණ අදාල රැඳවියාට පහර දී බන්ධනාගාර නිලධාරියා මුදාගෙන තිබෙනවා.

මේ අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ සැරයන්වරයෙකු ද සම්බන්ධ කර ගනිමින් මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මත්කුඩු ජාවාරමක තොරතුරු ද ඊයේ (21) අනාවරණ කර ගෙන තිබෙනවා. අදාළ රැඳවියා සතුව තිබී ජංගම දුරකතනයක් ද සොයාගෙන තිබුණේ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව බන්ධනාගාරයට ගොස් සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි. කෙසේ වෙතත්, එම රැඳවියාට ජංගම දුරකතනයක් ලැබුණේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර මාතර සහ මහර බන්ධනාගාරවල සිටින රැදවියන් දෙදෙනෙකුට ජංගම දුරකතන ලබාදුන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top