Advertise with Giraya
POLITICS

අපි බලයට ආවොත් සෑම පවුලකටම 20,000ක් දෙනවා – සජිත් ප්‍රේමදාස

තමන් බලයට පත්වීමෙන් පසු සෑම පවුලක් සදහාම රුපියල් 20,000ක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ (20) පැවති ජනහමුවක දී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු “දැන් මෙච්චර ආර්ථික හානියක් සිදුවෙලා තිබෙනවා. අනෙකුත් රටවල් තමන්ගේ ජනතාවගේ තේ තියෙන සල්ලි ප්‍රමාණය ලබා දෙන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපේ රටේ සිදුවෙන්නේ රු.5000ක් වැනි සොච්චම් මුදලක් ලබා දෙනවා.

මම කිව්වා අඩුම ගානේ පවුලකට 60,000ක්වත් දෙන්න ඕනේ කියලා. වර්තමාන රජයට වහල් වෙලා ඉන්න කොට්ඨාශය සජිත් ප්‍රේමදාස 60,000ක් දෙන්න ඕනේ කියලා යෝජනාවට ඔච්චම් කළා. 60,000 දෙන්න බැරි නම් අඩු ගානේ ආහාර පාන ටික ලබාගෙන ජීවත් වෙන්න හරි 20,000 ලබා දෙන්න කියලා කිව්වා.

කොරෝනා ප්‍රශ්නය ව්‍යාප්ත වූ රටවල් අතරින් අඩුවෙන්ම ජනතාවට සහන දෙන රට තමයි ශ්‍රී ලංකාව. ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයයි රිපබ්ලිකන් පක්ෂයයි රණ්ඩු සරුවල් වෙනවා, ගෝරි දමා ගන්නවා. හැබැයි මිනිස්සුන්ට සහන ලබා දෙන්න පක්ෂ දෙකම එක්කහු වෙලා. ඇමරිකාව ඩොලර් ට්‍රිලියන 2.3ක් අනුමත කරගන්නවා. ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙනකම් අපි බලයට පත් වුනොත් හැම පවුලකටම 20,000ක ආධාරයක් අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවා” යැයි පැවසුවේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top