වත්තල, හැඳල ප්‍රීතිපුර මුහුදු වෙරළේ දියනෑමට ගිය එකම පවුලේ කාන්තාවන් තිදෙනෙක් සහ ඥාතීයෙකුගේ දරුවෙකු වන 14 හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ.
ඊයේ (20) සවස 3.00ට පමණ ප්‍රීතිපුර දික්ඕවිට සුසාන භූමිය අසල මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී ඔවුන් මෙලෙස දියේ ගිලී ඇත.
මෙම පිරිසෙන් එක් කාන්තාවක් දැනට රාගම උතුරු කොළඹ ශික්ෂන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
මෙම කාන්තාවන් සිවුදෙනා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් බවත් 14 හැවිරිදි පිරිමි දරුවා කදාන කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචි ඥාතිපවුලක දරුවෙකු බවත් තොරතුරු වාර්තා වී ඇත.
පිරිසක් දියේ ගිලී ඇති බවට තොරතුරු ලත් සැනින් එහි ළඟා වූ නාවික හමුදා ජීවිතාරක්ෂක කංණ්ඩායම පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම පස්දෙනා ගොඩට ගෙන රාගම රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්වූ කාන්තාවන් වයස අවුරුදු 16/20/30 වයසේ පසුවන අය බව වත්තල පොලීසිය වාර්තා කර ඇත.
වත්තල පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
