ගත වූ දින තුනක කාලයක් තුළ කිසිදු නාවික හමුදා සාමාජිකයෙකු කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හඳුනා ගෙන නොමැත. අද (21) පෙරවරු 11.00 වන විට තවත් කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවට නාවික හමුදාව ප්‍රකාශ කර සිටියි.
ඒ අනුව, දැනට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 773ක් දක්වා ඉහළ ගොස් ඇත. දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් ගණන 901ක් වේ. ඒ අනුව, දැනට වාර්තා වන සක්‍රීය නාවික හමුදා සාමාජිකයින් ගණන 128ක් දක්වා අඩු වී ඇත.
මේ අතර, පසුගිය අප්‍රේල් මස 23 වන දින සිට හුදෙකලා කලාපයක් කර තිබූ වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කර සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දී තිබේ.
