POLITICS

කරුණා අම්මාන් අපේ පක්ෂයේ අපේක්ෂකයෙන් නෙමෙයි – පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘කරුණා අම්මාන්’ මෙවර මහ මැතිවරණයේදී සිය පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයෙකු නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අවධාරණය කරනවා.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදන් හෙවත් ‘කරුණා අම්මාන්’ මෙවර මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරඟ වදින අපේක්ෂකයෙකු ලෙස ඇතැමුන් ප්‍රකාශ කර තිබුණ ද ඔහු මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් අම්පාර මැතිවරණ කොට්ඨාශය සඳහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

එසේම, ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප‍්‍රතිපත්තිවලට අනුගත විය හැකි පිරිස් පමණක් සිය සන්ධානයට එක්කර ගෙන ඇති බවත් දේශද්‍රෝහී න්‍යාය පත‍්‍රවලට අනුගත වන පිරිස් සමඟ කටයුතු නොකරන බව ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා සඳහන් කරයි.

තමන් එක් රැයකින් යුද්ධ හමුදා සාමාජිකයින් 2000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ බවට ඉකුත් දා විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘කරුණා අම්මාන්’ සිදුකළ ප‍්‍රකාශයත් සමඟ දේශපාලන වේදිකාවේ ඒ පිළිබඳ දැඩි කථාබහක් මතුවුණා.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘කරුණා අම්මාන්’ සිදුකළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර කුමාර දිසානායක ද අදහස් පළ කර තිබුණා. එහිදී ඔහු පැවසුවේ කරුණාගේ ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය වහාම රටට එළි කළ යුතු බවයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘කරුණා අම්මාන්’ සිදුකළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන අදහස් පළ කරමින් සඳහන් කළේ ‘කරුණා අම්මාන්’ කළ ප්‍රකාශය රහසක් නොවන බව මෙරට සමස්ථ ජනතාවම දන්නා කරුණක් බවයි. .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top