Advertise with Giraya
SPORTS

බංග්ලාදේශ ක්‍රිකට් නායකයාටත් කොරෝනා වැළඳේ

බංග්ලාදේශයේ ක්‍රිකට් නායක මෂරෆි මොර්ටාසා හට කෝවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට ඔහු විසින් අද (20) පස්වරුවේ තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් තහවුරු කර ඇත. බංග්ලාදේශයේ පාර්ලිමේන්තු සාමාජිකයෙකුද වන මොර්ටාසා පසුගිය දින කිහිපය තුළ දී අසනීප තත්ත්වයෙන් සිටි බවත් පසුව ඊයේ (19) දිනයේ දී සිදු කරන ලද පරීක්ෂණයේ දී කෝවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට එහිදී ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු වන නස්මුල් ඉස්ලාම් සහ නෆීස් ඉක්බාල් යන ක්‍රීඩකයින් දෙදෙනා ට ද කෝවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කෝවිඩ් වෛරසය වැළඳුන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බොහෝ දෙනෙකු පසුගිය කෝවිඩ් අර්බුද සමයේ වීදිවල සැරිසරමින් මහජනතාව වෙත සුභ සාධන කටයුතුවල නිරත වූ පුද්ගලයින් වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top