“අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතටම” යැයි සඳහන් කරමින් අරලියගහ මන්දිරය වෙත යොමු කර තිබූ ලිපියක් සමඟ රුපියල් 5000 ක නෝට්ටුවක් එවූ මැදිරිගිරියේ පදිංචි හිටපු ගම්සභා සභිකයෙක් වන 86 හැවිරිදි එස්.බි. හේවාහැට තම අතින්ම එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස තමන්ගේ සමාජ වගකීම ඉටු කිරිමට ඉදිරියට පැමිණි ඔහුගේ අතින්ම එම මුදල් ජනාධිපතිවරයාගේ අතට එය භාර කිරිමට අවශ්‍ය කටයුතු යොදන මෙන් දැනුම් දී සිටියා.
ජනාධිපතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් මිරිසවැටිය පුදබිමේදී පැවති ආගමික වතාවත් වලින් පසුව 86 හැවිරිදි ඔහුගේ අතින්ම කොවිඩ් 19 සෞඛ්‍ය සහ සමාජ සුභාරක්ෂණ අරමුදල වෙත එය බැර කිරිම සඳහා ජනාධිපතිවරයා ගේ අතට එය භාර දෙනු ලැබුවා.
