Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තවත් 26කට සුවයි.. සුවය ලැබූ ප්‍රතිශතයය 75% ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ ගණන 1472 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (20) පෙරවරු 10.00ට නිකුත් කරන ලද දෛනික වාර්තාවෙහි සඳහන් වේ. ඒ, ගත වූ පැය 24 තුළ දී තවත් ආසාදිතයින් 26 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ට සාපේක්ෂව සුවය ලබා ඇති ප්‍රතිශතය 75% ඉක්මවා ගොස් ඇත. සක්‍රීය ආසාදිතයින් ගණන 25% දක්වා අඩු වී ඇත.

මැයි මාසය තුළ දී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 646ක් වේ. මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන හඳුනාගත් රෝගීන් ගණන පහතින් දැක්වේ.

Giraya News Alerts

ඊයේ ‍(19) දිනයේ දී කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය හා මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායිහි සිට පැමිණ කටාර් බලා යාමට පැමිණි මගියෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, දෙවැනි දිනයටත් නාවික හමුදාවෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වී නැත.

වාර්තා වූ එම රෝගීන් තිදෙනා ද ඇතුළුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1950ක් ලෙස වාර්තා වේ.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 901 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 37 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.

වාර්තා වූ රෝගීන්ගෙන් 691 දෙනෙකු විදෙස්ගතව මෙරටට පැමිණි පුද්ගලයින් වේ. එම පුද්ගලයින් අතරින් 613 දෙනෙකුම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයින් වේ.

එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 71 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 94,260ක් වේ. මැයි මාසය තුළ දී පමණක් සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් වේ.

එමෙන්ම, සුවය ලැබූ රෝගීන් ප්‍රමාණයේ ඉහළ යාමත් සමඟ මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය මෙ වන විට 462 දක්වා අඩු වී තිබේ. රෝගීන් ප්‍රමාණය වැඩි වීමට සාපේක්ෂ මෙරට අඩුම සක්‍රීය ආසාදිත ප්‍රමාණයක් වාර්තා වී තිබුනේ පසුගිය මැයි මස 23 වන දිනයේ ය. ඒ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටි සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (20) දින පෙරවරු 10.00 වන විට,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 54ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 80 ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 04 ක් ද,
  • ඉරණවිල රෝහලේ 17ක් ද,
  • කාතාන්කුඩි රෝහලේ 81ක් ද,
  • නාවික රෝහල (වැලිසර) 0ක් ද,
  • හෝමාගම රෝහලේ 13ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 35 ක් ද,
  • හම්බන්තොට මහ රෝහලේ 102ක් ද,
  • තෙල්දෙණිය මූලික රෝහලේ 64ක් ද,
  • යුද හමුදා රෝහලේ 04ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
  • තවත් රෝගීන් 08 දෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතී.

එමෙන්ම, පුද්ගලයින් 39ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top