ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටග් 71 වන ජන්ම දිනය අද (20) දිනට යෙදී තිබුණු අතර රුවන්වැලි මහා සෑයේ පැවති චිරාගත ආගමික වතාවත් වලට පමණක් සීමා වෙමින් එය සැමරිමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.
උදෑසන ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා සෑ රඳුන් අභියස පහන් දල්වා කිරි ආහාර පූජාව පැවැත්වූ අතර මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ආගමික වතාවත් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කප්රුක් පූජාවක් සිදුකළ අතර චෛත්‍ය මහ මළුවේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය ද සිදුකර තිබේ.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම අවස්ථාවේ ඡායාරූප පළ කරමින් ජනාධිපතිවරයාගේ නිල ෆේස් බුක් පිටුවෙහි පළ කර තිබූ පෝස්ටුවට පැය 4ක් තුළ දී ජනාධිපතිවරයාට සුභ පතමින් කමෙන්ට්ස් 14,000 ඉක්මවූ ප්‍රමාණයක් ද බෙදා හැරිම් 5200කට අධික ප්‍රමාණයක් ද ලැබී තිබුණි.
