Advertise with Giraya
NEWS

එංගලන්තයේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන මෙම විශේෂ ගුවන් යානය අද උදෑසන 8.22 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මේ අතර, ඉන්දියාවේ මහරෂ්ට්‍ර ප්‍රාන්තයේ සහ තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද දිවයිනට පැමිණ තිබේ. තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු සහ මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

දෙරටින්ම පැමිණි පිරිස් ගුවන්තොටුපල පරිශ්‍රයේදී පී.සී.ආර් පරික්ෂණ සදහා යොමු කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top