Advertise with Giraya
TECHNOLOGY

කොරෝනා වෛරසය ආසාදිත වූ අය හඳුනාගන්න කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඇප් එකක්

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමට නව දුරකථන යෙදවුමක් නිර්මාණය කර තිබේ. එම ජංගම දුරකථන යෙදවුම මඟින් කොවිඩ් අවදානම් සහිත පුද්ගලයින් දුර සිට හඳුනාගත හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

එමෙන්ම, ජනතාව සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමට මෙම යෙදවුම මඟින් කාර්යය රැසක් ඉටු කර ගත හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

මෙම යෙදවුම වෙනත් රටවල් සඳහා ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට භාරදීමට කටයුතු කරන බව ද චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top