තමන් කොවිඩ් 19 වසංගතයට වඩා භයානක බවට කාරතිව් පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඊයේ (19) දිනයේ දී පිළිතුරු ලබාදුන්නා. ඒ අම්පාර, නාවදින්වේලි ප්‍රදේශයේ දී පැවති ජනහමුවකට එක්වෙමින් ය.
“කාර්තිව් සභාපතිවරයා මං ගැන ප්‍රකාශයක් කරලා තිබ්බා. මං කොරෝනාවටත් වඩා භයානකයි කියලා. ඔව්, ඒක ඇත්ත. කොරෝනාවෙන් මෙරටේ මැරිලා තියෙන්නෙ 11 දෙනෙක් විතරයි. මම අලිමංකඩදි එක රැයට දෙදාහක් තුන්දාහක් විතර හමුදාව මරා දැම්මා. තේරෙනවානෙ, එයා කියපු එක හරි. කිලිනොච්චිවලත් කී දාහක්ද ?” යනුවෙනුයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.
එසේම මෙවර මහමැතිවරණයේදී ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පිවිසීමේ අවස්ථාව තමන්ට ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වූ නමුත් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු යාම සඳහා තමන් දෙමළ එක්සත් නිදහස් පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබිණි.
එල්ටිටිඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස ක්‍රියා කළ කරුණා අම්මාන් යනුවෙන් ප්‍රචලිත විනයාගමුර්ති මුරලිදරන් එම සංවිධානයෙන් කැඩී වෙන්වී ගිය අතර පසුව TMVP සංවිධානයේ නායකයා ලෙස කලක් ක්‍රියා කිරීමෙන් පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තේරී පත්වුවා.
-නෙත් නිවුස්-
