ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1950 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ (19) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් තිදෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙකු කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය හා මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායිහි සිට පැමිණ කටාර් බලා යාමට පැමිණි මගියෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, දෙවැනි දිනයටත් නාවික හමුදාවෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වී නැත.
මෙම රෝගීන් වාර්තා වීමත් සමඟ මෙරට සක්‍රීය ආසාදිතයින් ගණන 493 දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලද කොරෝනා ආසාදිතයින් ගණන 1446ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 11කි.
