මේ දිනවල මත භේදයන්ට තුඩු දුන් මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකු වූ හරීන් ප්‍රනාන්දු විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඔහු එමගින් පවසා ඇත්තේ සනාථ නොකළ අභූත චෝදනා නගමින් සිටිනවාට වඩා මහින්දානන්ද අමාත්‍යවරයා කළ යුත්තේ තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටි සමයේ කළ ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සාක්ෂි සහිතව පැමිණිලි ඉදිරිපත් කිරීම වඩා සුදුසු බවය.
එම ට්ව්ටර් පණිවිඩය පහතින් දැක්වේ.
මේ වන විට 2011 වසරේ ලෝක කුසලානයේ අවසන් තරඟයේ දී සිදු වූ බවට චෝදනා එල්ල වු සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා වෙත උපදෙස් දී ඇත. ඒ අනුව අදාළ පරීක්ෂණය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකරන බව අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.
සම්බන්ධිත පුවත්
- මහින්දානන්දගේ චෝදනාව ගැන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වහාම පරීක්ෂණයක් ඉල්ලයි
- 2011 ලෝක කුසලානය පාවාදුන්නා යැයි මහින්දානන්ද කියූ කතාවට මහේල පිළිතුරු දෙයි
