මැතිවරණ ප්‍රචාරණය සඳහා ෆේස්බුක් සමාගම වෙත දේශපාලන පක්ෂයන් විසින් ගෙවන ලද මුදල් ප්‍රමාණය සහ එම දේශපාලඥයින්ගේ නම් ඉතිහාසයේ ප්‍රථම වතාවට ෆේස්බුක් සමාගම විසින්ම අනාවරණය කර තිබේ.
මෙලෙස මැතිවරණ ප්‍රචාරණය සඳහා එක් එක් දේශපාලන පක්ෂ විසින් ෆේස් බුක් සමාගම වෙත ගෙවන ලද මුදල් ප්‍රමාණය අනාවරණය කිරිමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඔවුන් සිදු කරන වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් විනිවිදභාවයක් ඇති කිරීමයි. එමෙන්ම, මෙම තොරතුරු සඳහා Facebook Ad Library Report හරහා ඕනෑම අයෙකුට ප්‍රවේශ වීමේ හැකියාව ද ලබා දී තිබෙනවා.
ඒ අනුව, පසුගිය දින 30 ඇතුළ දී මැතිවරණ ප්‍රචාරණය සඳහා වැඩිම වියදමක් දැරූ දේශපාලන පක්ෂ සහ දේශපාලඥයින් ලැයිස්තුව පහතින් දැක්වේ. එම ලැයිස්තුව අනුව මැයි මස 16 වන දින සිට මෙරට මැතිවරණයට දේශපාලඥයින් සහ දේශපාලන පක්ෂ විසින් ෆේස් බුක් වෙළඳ දැන්වීම් සඳහා ඇමරිකානු ඩොලර් 15,288ක් එනම් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 30ක් පමණ වියදම් කර තිබේ.
එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ වර්නන් ගුණරත්නයි. පිළිවෙලින් අන්ගාජන් රාමනාදන්, සජිත් ප්‍රේමදාස, විමල් වීරවංශ, නිපුණ රණවක, විජයදාස රාජපක්ෂ, හර්ෂ ද සිල්වා යන අය ෆේස්බුක් මැතිවරණ ප්‍රචාරණය සඳහා වැඩිම වියදමක් දැරූ අය අතර වේ.

