Advertise with Giraya
NEWS

මහින්දානන්දගේ චෝදනාව ගැන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වහාම පරීක්ෂණයක් ඉල්ලයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් 2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය මුදලට පාවා දුන්නා යැයි කියූ චෝදනාව සම්බන්ධව වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අදාළ අංශ වලට දැනුම් දී තිබේ.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුම්බායිහි, වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති අතර එම තරගය කඩුලු 06 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණි.

එම තරගයේදී මුදලට පාවා දීමක් වී ඇතැයි තමාට ලැබුණු තොරතුරු අනුව තමා විශ්වාස කරන බව එවක ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ විසින් රූපවාහිනි වැඩසටහනක් අතරතුරදී ප්‍රකාශයක් සිදු කළේය.

Giraya News Alerts

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් එවක එක්දින කණ්ඩායමේ නායකයා වූ කුමාර් සංගක්කාර ද ඊයේ (18) දිනයේ දී ට්ටවිටර් සටහනක් තබමින් සදහන් කළේ අවසන් මහ තරගයේදී පාවාදීමක් සිදුව ඇතැයි කිසිවෙක් චෝදනා කරන්නේ නම් එම පාර්ශ්වය ඒ බව සනාථ කෙරෙන සාක්ෂි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයට ඉදිරිපත් කළ යුතු බවයි.

එම අවසන් මහා තරඟයේදී ශතකයක් වාර්තා කළ මහේල ජයවර්ධන මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (18) දිනයේ දී ට්විටර් සටහනකින් ප‍්‍රතිචාර තිබූ අතර ඔහු එහි සඳහන් කර තිබුනේ, මැතිවරණ ආසන්නයේදී සංදර්ශන ආරම්භ වී ඇති බවයි. එමෙන්ම, නම් සහ සාක්ෂි තිබේ ද? යනුවෙන් ද මහේල ජයවර්ධන සිය ට්විටර් සටහනින් දක්වා තිබුණා.

මේ අතර, මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් මඟින් ප්‍රකාශ කර තිබුනේ මෙවැනි චෝදනා බරපතල වන බවත් සැවොම ආදරය කරන කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රතිරූපයට ද මෙය කැළලක් ඇති කරන බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය සහ කී‍්‍රඩා අමාත්‍යංශය වහාම අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ පවසනවා.

හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර කුමාර දිසානායක ද
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top