කොවිඩ් – 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමඟ ඇමරිකාව අද සොහොන් බිමක් බවට පත් වි ඇති බවත් , ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා නොවුයේ නම් ඇමරිකාවේ තත්ත්වයට ශ්‍රි ලංකාව ද පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට විරුද්ධ පක්ෂයක් නොවන බවත් , මහ මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තේරි පත් වන මන්ත්‍රිවරුන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක් වි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කිරිමට කටයුතු කරන බවත් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ, අද (19) දින හැටන් වටරවුම් පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසනයේ පක්ෂ කාර්යාලය විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේ දී ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා සඳහන් කළේ, මහ මැතිවරණයේ දී ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක් ව තරඟ කිරිමට තිරණය කර තිබුණ ද තම පක්ෂයට ලැබුණු අපේක්ෂක ගණන අඩු වීම හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනිවම තරඟ කිරිමට තිරණය කල බවයි.
එසේම, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂයට ද සහයෝගය දක්වන පිරිසක් බව ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා එහි දී පැවසුවා.
නියම ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙකු විමට නම් පාද දෙකම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ තබා ගනිමින් කටයුතු කරන ලෙස ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගන්නා ඕනැම අයෙකුට පක්ෂපාතිව කටයුතු කිරිමට පක්ෂ සමාජිකයන් කටයුතු කළ යුතු බව ද දයාසිරි ජයසේකර මහතා එහිදී පැවසුවා.
පක්ෂ කාර්යයාලය විවෘත කිරිමේ අවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසනයේ සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපෙක්ෂක නිතිඥ ජනජිත් ද සිල්වා , නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සහ අපේක්ෂක රොෂාන් ගුණවර්ධන , උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ද සහභාගි විය.
