අන්තවාදී කණ්ඩායම් විසින් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන සියයට 60ක් පමණ මේ වනවිට විනාශ කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ තුන්වැනි දිනයටත් සාක්ෂි ලබා දෙමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (18) අනාවරණයක් සිදුකළා.
උන්වහන්ගෙන් එම කොමිසම ඊයේ රාත්‍රි 11.30 පමණ වන තෙක් සාක්ෂි සටහන් කර ගෙන තිබෙන බව වාර්තා වේ.
සහරාන් හෂීම් ඇතුලූ බෝම්බකරුවන් ප්‍රහාරයට පෙර දින ගල්කිස්සේ නිවාස සංකීර්ණයකදී රූගත කළ වීඩියෝ සම්බන්ධයෙන් කොමිසම ඥානසාර හිමියන්ගෙන් එහිදී විමසීමක් සිදු කළා. බෝම්බකරුවන් එම වීඩියෝවේ අවස්ථා කිහිපයකදී ‘‘ඥානසාර යක්ෂයා’’ යනුවෙන් සදහන් කර ඇති බවත්, ඔවුන් එලෙස පැවසීමට හේතුව කුමක්දැයි කොමිසම මෙහිදී ඥානසාර හිමියන්ගෙන් විමසා සිටියා.
එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කළේ මෙය ‘‘වහබිසම්’’ හෙවත් වහබ් අන්තවාදය බවයි. මෙම අන්තවාදී කණ්ඩායම්වල ඉගැන්වීම් සහ ක්‍රියාකාරම් ගැන කතා කිරීම හෝ විවේචනය කිරීම අපට තහනම්. අප ඒ පිළිබද කතා කළහොත් අපි යක්ෂයන් බවට ඔවුන් හඳුන්වන බව ඥානසාර හිමියන් කොමිසම හමුවේ සදහන් කළා.
එමෙන්ම, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවලින් සියයට 60ක් පමණ අන්තවාදී කණ්ඩායම් විසින් විනාශකර ඇති බව ද කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් කියා සිටියා. ඒ අනුව, මේ වන විට නැගෙනහිර පළාතේ දැනට පවතින්නේ පුරාවිද්‍යාත්මක ස්ථාන 1089 ක් පමණ බව උන්වහන්සේ කොමිසම හමුවේ ප්‍රකාශ කළා.
නිකාබය සහ බුර්කාව මෙරට තහනම් කළ යුතු බවද ඥානසාර හිමියන් කොමිසම හමුවේ සදහන් කර තිබෙනවා. 2013 වසරේදී හලාල් සහතිකය මෙරට තහනම් කිරීමට මුස්ලිම් නායකයින් එකඟ වුවත් මේ වන විට හලාල් සලකුණ වෙනස් කර වෙළෙදපොළට භාණ්ඩ නිකුත් වී ඇති බව උන්වහන්සේ සඳහන් කළා.
අනතුරුව කොමිසම ඥානසාර හිමියන්ගෙන් විමසුවේ හඳුනාගෙන ඇති ඉදිරි අවදානම් තත්ත්ව මොනවාද යන්නයි. එහිදී උන්වහන්සේ කියා සිටියේ අන්තවාදී ඉගැන්වීම් මෙරට තහනම් කරන තුරු අන්තවාදී ක්‍රියාවල නැවතීමක් නොමැති බවයි. ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් පමණක් මෙහි පාලනයක් සිදු කළ හැකි බව ද ඥානසාර හිමියන් මෙහිදී සදහන් කර තිබෙනවා.
“පාස්කු ප්‍රහාරයේ වගකීම් භාර ගැනීමට වර්තමානයේ කිසිවෙකු නැහැ.” හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වගකීම් විරහිත ප්‍රකාශ පමණක් සිදු කරමින් සිටින බව කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.
තවත් පාර්ශ්ව කිහිපයක් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (19) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා.
