Advertise with Giraya
NEWS

ෆේස් ඇප් රැල්ලෙන් ඔබේ තොරතුරු අනතුරේ

කාලයෙන් කාලයට සමාජ ජාලා හරහා නැඟි එන නොයෙකුත් රැලි තිබෙන අතර එය කාලයත් සමඟ යළිත් යටපත් වී යයි. නමුත්, මෙයින් සමාජජාලා පරිශිලකයන්ට සිදුවන බලපෑම් පිළිබඳව බොහෝ දෙනා ප්‍රමාණවත් තරම් දැනුවත් වී නොමැත.

මේ දිනවල එලෙස නැඟී එන තවත් රැල්ලක් නම් තම ගැහැණු හෝ පිරිමි පෙනුම වෙනස් කිරීමට යොදා ගන්නා ෆේස් ඇප් (Face App) යෙදවුම මඟින් ඡායාරූපයන් සාමාජ ජාලාවන් වලට එකතු කිරීමයි. මෙය පසුගිය කාලයේ තම පෙනුම වියපත් වූ විට වෙනස් වන්නේ කෙසේදැයි පෙන්වන යෙදවුමේ නවතම යාවත්කාලීන කිරිම වේ.

කෙසේ වෙතත්,මෙම යෙදවුම පරිශීලකයන්ගේ ආරක්ෂාවට හා පෞද්ගලිකත්වයට බලපෑ හැකි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මුහුණු හඳුනා ගැනීම (Facial Recognition) මූලික වශයෙන් මුරපද සත්‍යාපනය සඳහා භාවිතා කරන තාක්ෂණයක් බැවින්, තෙවන පාර්ශවයන් සමග ඡායාරූප බෙදා ගැනීමේදී අදාළ යෙදුමෙහි පරිශීලකයින් ඉතා ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම් දී තිබේ.

එබැවින්, මෙම යෙදුම රැල්ලට භාවිතා කිරීමට ප්‍රථම එම යෙදුමට අදාළ පෞද්ගලික ප්‍රතිපත්තී මාළාවන් පරිශීලනය කොට එම යෙදුම් භාවිතා කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සමාජජාලා පරිශිලකයන් වෙත දැනුවත් කර සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top