Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ලබන සතියේ දී බස් රථ මගීන්ට ඇප් එකක් හඳුන්වා දෙයි

ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගින්ට ජංගම දුරකථන යෙදවුමක් (Passenger App) මගී ජනතාවට හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු අවසන් කර ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව, ලබන සතියේ සිට එම ජංගම දුරකථන යෙදවුම මගී ජනතාව වෙත හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන තිබේ.

මෙවැනි ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරිමට හේතු වී ඇත්තේ, ඇතැම් පුද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය වීම නිසා මගීන්ට සිදුවන හිරිහැර මෙන්ම අධික වේගයෙන් ධාවනය වීම නිසා ද සිදුවන අනතුරු වළක්වා ගැනීම හා මගී ජනතාවගේ කාලය කළමනාකරණය සඳහා ය. මේ සඳහා ජංගම දුරකථන සඳහා සුදුසු යෙදවුමක් හඳුන්වා දෙන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දි තිබුනි.

ඒ අනුව, ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින් ජාතික ගමනාගමන කොමිසම විසින් මෙම ජංගම දුරකථන යෙදවුම නිර්මාණය කර ඇත.

Giraya News Alerts

මගී ප්‍රවාහන සේවා කඩිනම් කිරීම හා විදිමත් කිරීම සඳහාත් ඇතැම් මගීන්ට බස් රථ පැමිණෙන තෙක් බලා නොසිට බස් රථය පැමිණෙන්නේද? නැද්ද යන්නත්, තමන් ගමන් කිරීමට අපේක්ෂිත වේලාවට පැමිණෙන බස් රථය ඒ් වනවිටත් පවතින ස්ථානය (Location) හඳුනාගැනීම සඳහාත් මෙම යෙදවුම මගින් පහසුකම් සැලසීම තම අරමුණ බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top