Advertise with Giraya
NEWS

වැලිසර නාවික හමුදා කඳවුරේ කටයුතු සාමාන්‍ය අතට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සෙබළුන් 8 දෙනෙකු සුවය ලබා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා. ඒ අනුව, සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 756 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (18) දිනයේ දි කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් කිසිවෙකුත් වාර්තා වී නොමැති අතර දැනට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 901ක් වේ. ඒ අනුව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රිය කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 145ක් වේ.

මේ අතර, වැලිසර නාවික හමුදා කඳවුරේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හට ලිපියක් මඟින් දන්වා තිබෙනවා.

Giraya News Alerts

වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොරෝනා වෛරසය පැතිරිම මේ වන විට පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ විසින් නාවික හමුදාව වෙත දන්වා තිබෙන අතර නාවික හමුදා රෝහල පමණක් ලබන 25 වනදායින් පසුව විවෘත කරන ලෙස සෞඛ්‍ය අංශ නාවික හමුදාව වෙත දන්වා තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top