Advertise with Giraya
NEWS

කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන කටුනායකට පැමිණි ගුවන් මගියා IDH රෝහලට

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගත් ගුවන් මගියෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

මොහු ඉන්දීය ජාතික නාවිකයෙක් වන අතර මොහු ඇතුළු 69 දෙනෙකු පසුගිය 17 වැනි දින සවස 5.30 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණා.

එම ගුවන් මගීන් අතරින් 54 දෙනෙකු , කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය සදහා යොමු කළ අතර ඉතිරි 15 දෙනා කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව ගොස් තිබුණා.

Giraya News Alerts

එසේ පිටත්ව ගිය 15 දෙනා අතර මෙම ගුවන් මගියා ද සිට ඇති අතර ඔහුට දෝහා ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමඟ ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු හරවා එවා තිබුණා.

ඒ අනුව මෙම ගුවන් මගියා අද (19) දින අලුයම 1.35 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ජාත්‍යන්තර ගුවන් ගමන් නීතිය අනුව මෙවැනි ප්‍රශ්නගත ගුවන් මගීන් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඔහු පැමිණි ගුවන් තොටුපළ වෙත හරවා යැවීම සිදු කෙරෙනවා. එහෙත් ඔහු ආපසු ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යැවීමට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයක් මෙම අවස්ථාවේ නොමැති නිසා මෙම ගුවන් මගියා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහල වෙත විශේෂ ගිලන් රථයක් මඟින් යොමු කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top