ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් ගණන 1947 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, අද (18) දිනය තුළ දී තවත් ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
එම රෝගීන් සියලුදෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන් අතරින් 19 දෙනෙකු ඩුබායිහි සිට පැමිණි පුද්ගලයින් වේ. තවත් දෙදෙනෙකු කටාර්හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ ද, එක් අයෙකු ලන්ඩන් සිට පැමිණ රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයේ ද, අනෙක් පුද්ගලයා රුසියාවේ සිට පැමිණ පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයේ ද නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 515ක් වේ. අද (18) දින සුවය ලැබු රෝගීන් 26 දෙනා ද ඇතුළුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 1421ක් වේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි.
