SPORTS

2011 ලෝක කුසලානය පාවාදුන්නා යැයි මහින්දානන්ද කියූ කතාවට මහේල පිළිතුරු දෙයි

2011 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් මහා තරඟය මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ සිදුකළ ප්‍රකාශයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ප්‍රතිචාර දක්වා තිබේ.

ට්විටර් සටහනක් තබමින් මහේල ජයවර්ධන කියා සිටියේ මැතිවරණය ආසන්නයේ සර්කස් ආරම්භ වී ඇති බවක් පෙනෙයි. නම් සහ සාක්ෂි තිබේද ? යනුවෙන් ඔහු පෙරළා ප්‍රශ්නයක් නඟා තිබෙනවා.

පුද්ගලික රුපවාහිනි මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් හිටපු ක්‍රීඩා ඇමතිවරයා කියා සිටියේ 2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරඟය පාවා දුන් බවයි. ඒ සම්බන්ධයෙන් ඔහු කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමක් සිදුකළේ ද නැත.

” මම මේ සඳහා ක්‍රීඩකයින් ඈඳා ගන්නේ නැහැ, නමුත් ඇතැම් පාර්ශව මෙම තරඟ පාවා දීමට මුල්වෙලා කටයුතු කළා” යැයි හිටපු ක්‍රීඩා ඇමතිවරයා කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top