සංවිධානාත්මක අපරධකරුවෙකු සතු රුපියල් මිලියන 490 ක පමණ මුදලක් බැංකු ගිණුමක් මඟින් පරිහරණය කළ පුද්ගලයෙකු නීතිඥයෙක් මාර්ගයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මැයි 22 වන දින හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 500 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙවන් රත්මලාන ජයසුමනාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරධකරුවෙකු විසින් “ඉමෝ“ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් විවිධ පුද්ගලයින් වෙත හෙරොයින් බෙදා හැරීම සිදු කරන බවත් ජාවාරමෙන් උපයා ගත් මුදල් එවුන් විසින් බැංකු ගිණුමක් වෙත බර කර ඇති බවද අනාවරණය වී තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත අපරාධ කොට්ඨාසය මඟින් අදාළ බැංකු ගිණුම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් මත අදාළ බැංකු ගිණුමෙන් වාර්තා ලබා ගැනීමට කටයුතු කර තිබේ.
එම වාර්තාවලට අනුව සිදුකල විමර්ශනවලදී මෙම ගිණුම හරහා රුපියල් ලක්ෂ 4, 900 ක පමණ මුදලක් පරිහරණය වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම විමර්ශනවලට අදාළ ගිණුම් හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය මඟින් විමර්ශන සිදු කරමින් සිටිය දී එම ගිණුම හිමි පුද්ගලයා ඊයේ (17) දින සවස 3.30ට පමණ නීතිඥයෙක් මාර්ගයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණ ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වු ගල්වත්ත බුත්තල හා තුඩුව පාර, දොම්පේ, පිළියන්ද යන ලිපිනවල පදිංචි අයෙකු වෙයි.එසේම, මොහු වැල්ලවාය ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක සහකාර තත්ත්ව කළමනාකරුවෙක් ලෙස සේවය කරන අයෙකි.
සැකකරු අද (18) දින ගල්කිස්ස මෙහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කර
