Advertise with Giraya
POLITICS

MCC ගිවිසුම අත්සන් කිරීම වැළැක්වීමට දිවි පුදා හෝ තම පක්ෂය කැපවෙනවා

ඇමරිකාව සමග මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම සඳහා ආණ්ඩුව රහස් එකඟතාවක සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. අදාළ ගිවිසුමේ අනාගතය ගැන ආණ්ඩුව සහ ඇමරිකාව ඉතා අවබෝධයෙන් කටයුතු කරන බව පෙනී යන බව ද ඔහු පවසයි.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම ගිවිසුම අත්සන් කරන බවත් ඔහු පැවසීය.

යම් හෙයකින් අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූවා නම් මැයි මාසයේ දී එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබූ බවද ඔහු සඳහන් කළේය. එම ගිවිසුම අත්සත් තැබීම වැලැක්වීමට දිිවි පුදා හෝ තම පක්‍ෂය කැපවන බවද ඔහු සදහන් කලේය.

Giraya News Alerts

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ වත්මන් ස්ථාවරය මහ මැතිවරණයට පෙර රටට හෙළි කළ යුතු බව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික්ක කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, මාතර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.

මෙම ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව රජය පැවසුව ද මහ මැතිවරණයෙන් අනතුරුව එම ගිවිසුම අත්සන් කරන බව අමෙරිකානු තානාපතිවරිය ප්‍රකාශ කරන බව සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි. එබැවින් ඡන්දය ලබා දෙන්නේ ගිවිසුම අත්සන් කරන පක්ෂයට ද එය අත්සන් කිරිමට විරුද්ධ වන පක්ෂයට ද බව ජනතාව විසින් තීරණය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top