Advertise with Giraya
NEWS

තවත් නාවිකයින් 8කට සුවයි

කොරෝනා ආසාදනය වී තවත් නාවිකයින් 8 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඒ අනුව, කොරෝනා ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදාවේ සාමාජිකයින් ගණන 748 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (18) දිනයේ දී ද කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා විය. ඒ අනුව, දැනට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගෙන් 901 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ.

ඒ අනුව, රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය නාවික හමුදා සාමාජිකයින් ගණන 153ක් දක්වා අඩු වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top