Advertise with Giraya
NEWS

ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් 289 දෙනෙකු දිවයිනට

කෝවිඩ්- 19 වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 289 දෙනෙකු අද (18) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. -226 දරණ ගුවන් යානයෙන් අද (18) අලුයම 5.35ට ඩුබායි සිට මෙම ගුවන් මගීන් පිරිස පැමිණ ඇත.

මෙම පිරිස අතර ගර්භණී මව්වරුන් 100ක් සහ කුඩා ළමුන් 8 දෙනෙකු සිටින බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරි සඳහන් කරයි.

Giraya News Alerts

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත රෝහල් කාර්යය මණ්ඩලයක් විසින් , ගුවන් තොටුපළ තුතුළදීම පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top