පවත්නා ආර්ථික තත්වය යටතේ තේ අපනයනය දිරිමත් කිරීම උදෙසා, තේ අපනයනය කිරීමේදී අය කරන සෙස් බද්ද මාස 06 කට අත්හිටුවීමට, ඊයේ (17) පැවති කැබනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
මෙතෙක්, තේ අපනයනයේදී තේ කිලෝවක් සඳහා රුපියල් 03.50 ක සෙස් බද්දක් මේ දක්වා අය කෙරුණා.
මේ අතර, ලෝක බැංකුව මගින් මෙරට කි‍්‍රයාත්මක කරන ව්‍යාපෘතිවල අවිනිශ්චිත වියදම් ලෙස වෙන් කර තිබුණු ඩොලර් මිලියන 56 ක මුදලක් කෝවිඞ් 19 වසංගත තත්ත්වය වැළැක්වීමේ කටයුතු සඳහා යෙදවීමට ද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
